Friday, April 26, 2024

General line - 0115112241

අංගොඩ ලොක්කාගේ සමිපතයෙක් මාදිවෙලදී අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




ප්‍රබල පාතාල නායකයෙක් බව කියන අංගොඩ ලොක්කාගේ සමිපතයෙක් බවට සැකකෙරෙන පුද්ගලයෙක් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී මාදිවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් අද (11) සමත්ව ඇත.

සපුගම ගීගනගේ චමත් වසන්ත නම් 39 හැවිරිදි සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 42 මිලිග්‍රෑම් 400ක් සොයා ගැනීමට පොලිස් නිලධාරින් සමත්ව ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු මේ වන විට මිරිහාන පොලිසියට භාරදී ඇති බවත් හෙට (12) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රැඳවුම් නියෝග යටතේ වැඩිදුර ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ.