Thursday, March 28, 2024

General line - 0115112241

මදූෂ්ගේ පවුලේ තොරතුරුත් එළියට

හේමන්ත කහවලගේ




මෙරට ප‍්‍රධානතම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බවටයි මාකඳුරේ මදූෂ් සැලකෙන්නේ.

ඒ අනුව මාකඳුරේ මදූෂ් කවුරුන්දැයි නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා. 

සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදූෂ්, පාසල් සමයේ ශිෂ්‍ය නායකයෙක්. පාසලෙන් ඉවත්වූ පසු ඔහු සුළු ව්‍යාපාර කිහිපයක් ද සිදු කර තිබෙනවා. මාකඳුරේ මදූෂ් මාතර රෝහලේ සුළු සේවිකාවක් සමග විවාහ වී ඇති අතර ඔහු එක් දරු පියෙක්ද වනවා.

එම දරුවා ඉකුත් අගෝස්තු මාසයේදී බිරිඳ විසින් සිංගප්පූරුව හරහා ඩුබායි වෙත ගෙන ගොස් භාර දී ඇතැයි සඳහන්.

මාකඳුරේ මදූෂ්, පළමුවරට සිදු කරන අපරාධය බවට වාර්තා වන්නේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයෙකු වූ ඩැනී හිත්තැටියගේ ඥාතියෙකු ඝාතනය කිරීමයි. ඊට හේතුවී ඇත්තේ ඔහුගෙන් මදූෂ් ඇතුළු පවුලේ සාමාජිකයින්ට දිගින් දිගටම සිදුවූ හිරිහැර බවයි වාර්තා වන්නේ.

ඉන්පසු මාකඳුරේ මදූෂ් විසින් ඩැනී හිත්තැටිය වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ 2006 වසරේදීයි. කිසිඳු දේශපාලන පක්ෂයකට සම්බන්ධව කටයුතු කළ අයෙකු නොවන මාකඳුරේ මදූෂ්ගේ නම වසර 20ක් පුරා ඡන්ද නාම ලේඛණයේ පවා නොතිබූ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මාකඳුරේ මදූෂ්ගේ මව 1989 දි වෙඩි තබා ඝාතනය කර ඇති අතර ඔහුගේ බාල සොහොයුරාද ඝාතනය කර ඇති බව වාර්තා වී තිබෙනවා.