Friday, March 29, 2024

General line - 0115112241

IOC සමාගමත් ඉන්ධන මිල ඉහළ දමයි

හේමන්ත කහවලගේ/ තරංග රුක්ෂාන්




ලංකා IOC සමාගම ද ඊයේ (11) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ලංකා ඔටෝ ඩිසල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ නැංවීමටයි තීරණය කර ඇත්තේ. මීට පෙර රුපියල් 99කට අලෙවි කළ ලංකා ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 103ක්.

රුපියල් 118ක්ව පැවැති සුපර් ඞීසල් ලීටරයක නව මිල රුපියල් 126ක් වනවා. 

කෙසේවෙතත් ලංකා IOC සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් මිල ගණන් ඉහළ නංවා නැහැ. ඒ අනුව IOC පෙට‍්‍රල් ලීටරයක මිල පෙර පරිදිම රුපියල් 131ක් වනු ඇති. එහෙත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ නැංවීමට ලංකා IOC සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 150ක්ව පැවැති ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 155ක්.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ද ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමටයි තීරණය කළේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ යනවා. රුපියල් 123කට අලෙවි කළ ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 129ක්. ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 152ක් වනවා. මීට පෙර ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කළේ රුපියල් 147කටයි. 

ඔටෝ ඞීසල් ලීටරයක මිල ද රුපියල් 04කින් ඉහළ නැංවීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට පියවර ගත්තා. ඒ අනුව රුපියල් 99කට අලෙවි කළ ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 103ක්. මේවනවිට රුපියල් 118කට අලෙවි කෙරෙන සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 126ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. එහි මිල ගණන් වැඩි කර ඇත්තේ රුපියල් 08කින්. 

මෙලෙස ඉන්ධන මිල වැඩි කරනු ලැබ ඇත්තේ මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තීරණය කරන කමිටුව විසින්. මුදල් අමාත්‍යාංශය පවසන්නේ ජාත්‍යන්තර වෙළඳපලේ බොරතෙල් මිල හා සැසඳීමේදී ඞීසල් ලීටරයක මිල රුපියල් 09.59කින් ඉහළ දැමිය යුතුව තිබූ බවයි. එහෙත් ජනතාවට හා ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට බලපෑමක් නොවන පරිදි රුපියල් 04කින් පමණක් ඞීසල් ලීටරයක මිල ඉහළ දැමූ බව අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ඉන්ධන මිල ඉහළ ගිය ද සෙසු සේවා ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.