Friday, April 19, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරන්නේ මෙහෙමයි

හේමන්ත කහවලගේ




මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන රටක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරන බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණා. ඒ අනුව එරටදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකු වරදකරුවෙකු කිරීමට ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 0.05ක් හෝ ඊට අඩුවෙන් තිබීම ප‍්‍රමාණවත් වනවා. 

ඉකුත් වසරේදී මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 0.05ක් සන්තකයේ තිබූ පුද්ගලයෙකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යය මරණ දඬුවම ලබා දී ඇතැයි නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළිවුණා. කිසියම් පුද්ගලයෙකු විෂ මත්ද්‍රව්‍ය ලබා ගෙන ඇත්දැයි තහවුරු කර ගැනීමට ඔහුගේ හෝ ඇයගේ රුධිර සහ මුත‍්‍රා සාම්පල දෙකම හෝ ඉන් එකක් පරීක්ෂා කිරීම එරටදී සිදුවන අනිවාර්යය කටයුත්තක්. ඒ අනුව කිසියම් අයෙකුගේ ශරීරයේ විෂ මත්ද්‍රව්‍ය තිබුණහොත් අවමය වසර හතරේ සිට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවිය හැකියි. 

මත්පැන් සම්බන්ධයෙන් ද එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරනවා. ඒ අනුව මත්පැන් ලබා ගත් කිසියම් අයෙකුගේ ශරිරයේ මද්‍යසාර ප‍්‍රතිශතය සියයට 10කට වඩා වැඩිනම් රුපියල් ලක්ෂ 12ක අධික දඩයක් සහ පිටුවහල් කිරීමක් සිදු වනවා. කිසියම් අයෙකු සන්තකයේ මත්පැන් බෝතලයක් තිබුණ හොත් රුපියල් 14,000කට අධික දඩයක් හෝ මාස 03ක සිරදඬුවමක් හෝ පිටුවහල් කිරීමක් හෝ එම දඬුවම් 03ම හෝ හිමිවිය හැකියි. 

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය මෙන්ම ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පවතින්නේ දැඩි නීති පද්ධතියක්. 

මීට පෙර එරට නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයාගේ ඥාතියෙකු බලපත‍්‍ර සහිත පිස්තෝලයක් ළඟ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්ථාවේ ඔහු සතුව බලපත‍්‍රය නොතිබූ බව පසුව අනාවරණ වී තිබුණා. ඔහුට ද මාස 06ක සිරදඬුවමක් ලබා දී රුපියල් ලක්ෂ 48කට අධික දඩයක් පනවා ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමේදී අනාවරණ වුණේ.