Friday, March 29, 2024

General line - 0115112241

නිවසකට ප්‍රහාරයක් - ආවා කල්ලියේ තවත් වැඩක් දැයි සැක

දිනසේන රතුගමගේ




යාපනය නල්ලූර් නායර්මාකන්ඩු ප‍්‍රදේශයේ නිවෙසකට එල්ල වූ පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ ප‍්‍රහාරය පිටුපස යාපනයේ කි‍්‍රයාත්මක ආවා කල්ලිය සිටීදැයි සැකයක් මතුව ඇති බවයි.

ප‍්‍රහාරයෙන් නිවසේ නවතා තිබූ වෑන් රථයකට, යතුරු පැදි 03කට සහ නිවසට අලාභ හානි සිදුවුණා. මුහුණ ආවරණය කර පැමිණි පිරිසක් මෙම පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි මේවනවිට සිදුකර ඇති පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.