Friday, April 19, 2024

General line - 0115112241

මහින්දානන්දට එරෙහි නඩුවක් ති‍්‍රපුද්ගල මහාධිකරණයේ ගොනු කිරීමට අල්ලස් කොමිසමේ අවධානය

අධිකරණ වාර්තාකරු




පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහින්දානන්ද අලූත්ගමගේ සිදු කළ බව කියන මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාල නඩුව, අලූතින් පිහිටුවා ඇති ත‍්‍රිපුද්ගල  විශේෂ මහාධිකරණයේ ගොනු කිරීම සදහා කරුණු අධ්‍යනය කරමින් සිටින බව අල්ලස් කොමිෂන් සභාව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (12) දැනුම් දුන්නා.

ඒ, ඔහු 2014 වර්ෂයේ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කල සමයේ ක‍්‍රීඩා උපකරණ මිල දී ගැනීමේදී රුපියල් පන්කෝටි තිස් එක් ලක්ෂයකට අධික මුදලක් අවභාවිත කර ඇතැයි කියන සිද්ධියකට අදාළවයි. මෙම නඩුව ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කිරීම සදහා අගවිනිසුරුවරයාගෙන් මතය විමසන බව අල්ලස් කොමිෂන් සභාව අධිකරණයට දැනුම්දී තිබුණා.

ඒ අනුව මෙම කටයුතු වල ප‍්‍රගතිය අපේ‍්‍රල් මස 30 දා අධිකරණයට වාර්තා කරන ලෙසයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න පැමිණිලි පාර්ශවයට දැනුම් දුන්නේ.