Thursday, March 28, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට පාඩමක් ඉගැන්වීමට දකුණු අපි‍්‍රකානු ටෙස්ට් කණ්ඩායම සූදානම්




දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට ප‍්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සූදානම් බව දග පන්දු යවන කී‍්‍රඩක කේෂව් මහරාජ් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ශ‍්‍රී  ලංකාවේ කළ සංචාරයේදී ශ‍්‍රී ලංකාව සිය ආධිපත්‍යය පැතිරුවා සේ තම කණ්ඩායම ද මව් රටේදී ආධිපත්‍ය පැතිරවීමට සූදානම් බවයි.

තම රටේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් ලබා ගැනීම අරමුණ බව ද ඔහු පවසනවා. ඉකුත් ජූලි මාසයේ පැවැති දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරයේදී 2 ට 0ක් ලෙස ශ‍්‍රී ලංකාව ජය ගත්තා. තරග දෙකකින් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරගාවලිය හෙට (13) ආරම්භ වනවා.