Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි නොකරන බවට ගැමුණු සහතික වෙයි

හර්ෂිකා සංජීවනී




ඊයේ (11) මධ්‍යම රාත‍්‍රියේ සිට සිදු කෙරුණු ඉන්ධන මිල වැඩි කිරීම පදනම් කර ගනිමින් බස් ගාස්තු ඉහළ නැංවීමක් කිසිසේත් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මේ, එහි සභාපති ගැමුණු විජේරත්න.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ෂධක්‍ සමාගම ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමුවා. ඒ අනුව ලංකා ඔටෝ ඩිසල් ලීටරයක මිල ඉහළ දැමුණේ රුපියල් 4කින්. එහි නව මිල රුපියල් 103ක්. මුදල් අමාත්‍යාංශය පවසන්නේ ඞීසල් මිල සුළු වශයෙන් ඉහළ යාම හේතුවෙන් ප‍්‍රවාහන ඇතුළු සෙසු සේවා ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.