Saturday, April 20, 2024

General line - 0115112241

උතුරේ ජල ගැටළුව කඩිනමින් විසදන්නැයි ජනපතිගෙන් උපදෙස්




උතුරේ ජනතාවගේ දුගී භාවය ඉහළ යාමට ප‍්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටළුවට කඩිනම් විසදුම් ලබාදිය යතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ උතුරු පළාත සදහා යෝජිත ජල ව්‍යාපෘතිවල ප‍්‍රගති සමාලෝචනය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡුාවකට එක්වෙමින්. 


උතුරේ ජනතාවට සිය කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජල පහසුකම් නිසි ලෙස ලබාදීමෙන් ඔවුන්ගේ සෙසු සංවර්ධන ගැටළුවලට ද විසදුම් ලැබෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ. ඇතැම් ප‍්‍රදේශවලට ගංවතුර තත්වයන් ඇති කරමින් මුහුදට ගලා බසින ජලය, නල මගින් උතුරට ගෙන යාමට තමන් මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.