Tuesday, May 21, 2019
Hotline - 0770586666

ලෝකයම රේඩියෝ දිනය සමරද්දි 'නෙත් නිවුස් සහ බැලුම්ගල' යළිත් සම්මානනීය වෙයි (PHOTOS)

3518Views

 

 

 

නෙත් නිවුස් සහ නෙත් එෆ්. එම්. බැලුම්ගල යළිත් සම්මානයට පාත‍්‍ර වුණා. ඒ, ඊයේ (12) රාත‍්‍රියේ පැවති ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළලේදීයි. 

මෙහිදී වසරේ ප‍්‍රශස්ථ ප‍්‍රවෘත්ති සංස්කාරක ලෙස නෙත් නිවුස් වෙනුවෙන් තරංග රුක්ෂාන් ජයසේකර සම්මාන දිනා ගත්තා. නෙත් නිවුස් වෙනුවෙන් ප‍්‍රවෘත්ති සංස්කාරක සමන්ත කුමාර ද මෙම සම්මානය සඳහා නිර්දේශ වුණා. 

 

ඊයේ රාත‍්‍රියේ පැවති මෙම සම්මාන උළලේ දී නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහන සම්මානයට පාත‍්‍ර වූයේ වසරේ ප‍්‍රශස්ථ වැඩසටහන් නිෂ්පාදනය සඳහායි. බැලුම්ගල වෙනුවෙන් චිරාන් ජීවන්ත ධර්මසේන එම සම්මානය දිනා ගත්තා.

 

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළලේ තවත් සම්මාන කිහිපයක් සඳහා ද නෙත් එෆ්. එම්. නිර්දේශ වුණා. කලබල පැංචා ළමා වැඩසටහන වෙනුවෙන් සචිනි සීලවර්ධන විසින් නිර්මාණ කෙරුණු පූර්ව ප‍්‍රචාරක ඛණ්ඩය වසරේ ප‍්‍රශස්ථ පූර්ව ප‍්‍රචාරක ඛණ්ඩය ලෙස නිර්දේශ වූ අතර තරංග රුක්ෂාන් ජයසේකර අයස්කාන්තය ප‍්‍රවෘත්ති විශේෂාංගය වෙනුවෙන් කළ කථනය වසරේ ප‍්‍රශස්ථ කථනය සඳහා නිර්දේශ වුණා. 

එමෙන්ම සත්‍යා රේඩියෝ නාට්‍යයේ සත්‍යා චරිතයට හඬ දායකත්වය ලබාදෙන සහේලි සදිත්මා සතරසිංහ වසරේ ප‍්‍රශස්ථ ළමා නාට්‍ය ශිල්පිනිය ලෙස නිර්දේශ වුණා. 

මෙම සම්මාන උළෙල පැවැත්වුණේ නෙළුම්පොකුණ රඟහලේදීයි. 

මේ අතර ලෝක රේඩියෝ දිනය අදට (13) යෙදී තිබෙනවා. පුවත්පත්වලින් පසුව ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට එකතු වූයේ රේඩියෝ කලාවයි. එහි ප‍්‍රගමනය පිළිබඳවත් විශේෂතා සහ ඊට ඇති අභියෝග පිළිබඳවත් ලෝක රේඩියෝ දිනයේ දී සාකච්ඡාවට ලක්වනවා. ‘‘සංවාදය, ඉවසීම සහ සාමය’’ යන්න  මෙවර ලෝක රේඩියෝ දිනයේ තේමාවයි.