Wednesday, April 24, 2024

General line - 0115112241

මදූෂ් ඇල්ලීමෙන් පමණක් මත් ජාවාරම් අවසන් නොවන බව මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙළිකරයි



මාකදුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීමෙන් පමණක් මත්ද්‍රව්‍ය ජාවාරම් අවසන් නොවන බව මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

එහි ව්‍යාපෘති කළමනාකාර මහේෂ් නිශ්ශංඛ ඊයේ (12) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේ දී ඒ බව පැහැදිලි කළා. 

මත්ද්‍රව්‍ය සඳහා පාසල් ළමයින් ගොදුරු කර ගැනීමේ උත්සහයන් ද තවදුරටත් පවතිනවා. මත්ද්‍රව්‍ය සඳහා ඇතැම් විකල්ප, ළමයින් අතර ප‍්‍රචලිත කරවීම ද එහි එක් අවස්ථාවක් බවයි මෙම සංවාදයේ දී ප‍්‍රකාශ කෙරුණේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූවා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.