Wednesday, April 24, 2024

General line - 0115112241

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ගාල්ල විද්‍යාලෝක විදුහලට




ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන “සිංගර් කුසලාන” වයස අවුරුදු 13න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සමත්විය.

හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයේදී ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහරදෙමින් පන්දුවාර පන්දුවාර 58.1කදී කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 110ක් රැස් කළේය. නායක ලියන් තිරිමාන්න පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 47ක් රැස් කළ අතර, රමිත එල්ලාවල ලකුණු 23ක් රැස් කළේය. පන්දුවෙන් දස්කම් දැක්වූ ලිදුල නුවංග ලකුණු 13කට කඩුලු 4ක් දවාලීය. සෙනිරු නිදුවර ලකුණු 15කට කඩුලු 2ක් දවාලීය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ විද්‍යාලෝක විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 112ක් රැස් කළේය. එහිදී  ප්‍රභාත් කුමාර නොදැවී ලකුණු 24ක් රැස් කළ අතර, යතින්ද්‍ර සිර්වර්ධන ලකුණු 30කට කඩුලු 3ක් දවාලීය.                                         

ගාල්ල විද්‍යාලෝක - කොල්ලුපිටිය ශාන්ත තෝමස්                                                       

ශාන්ත තෝමස්: පළමු ඉනිම - 110/9 (පන්දුවාර 58.1) ලියන් තිරිමාන්න 47, රමිත එල්ලාවල 23, ලිදුල නුවංග 13/4, සෙනිරු නිදුවර 15/2 

විද්‍යාලෝක: පළමු ඉනිම - 112/4 (පන්දුවාර 32) ප්‍රභාත් කුමාර නොදැවී 24, යතින්ද්‍ර සිර්වර්ධන 30/3