Friday, April 19, 2024

General line - 0115112241

“SLT Speed up Southern එළියකන්ද Hill Climb 2019” තරඟාවලිය පෙබරවාරි 17 වෙනිදා




ශ්‍රී ලංකාවේ වේගවත්ම Broadband ජාලය හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ශ්‍රීලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි උන්නතිය හා ප්‍රවර්ධනය උදෙසා ‘SLT Speed up’ තේමාව ඔස්සේ විශේෂිත කාර්ය භාරයක නියුතුව සිටී. 

2019 වසරේදී මෙම තේමාව විවිධ ක්‍රීඩා ක්ෂේත්‍රයන්හට යොමු කිරීමට එම ආයතනය බලාපොරොත්තු වේ.

ඒ අනුව යෞවනයන්ගේ හද දිනු දිවයිනේ ප්‍රමුඛතම මෝටර් රථ හා මෝටර් සයිකල් තරගාවලියක් වන‘Southern එළියකන්ද Hill Climb’ සිය වේග රිද්මය වැඩිකර ගනිමින් මෙවර ‘SLT Speedup’ සමග එක්වෙයි.

Southern Motor Sports Club (SMSC) ශ්‍රී ලංකා ටෙලිකොම් සමග එක්ව සංවිධානය කරන මෙම තරගාවලිය මෝටර් සයිකල් තරග 12 ක් හා මෝටර් රථ තරග 21 කින් සමන්විත වේ. 

තරගාවලිය සදහා තරඟකරුවන් විශාල සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත අතර පසුගිය වසරේදී මෝටර් රථ 75 ක්හා මෝටර් සයිකල් 90ක්මේ සදහා සහභාගි වූහ.

පෙබරවාරි 17 වන ඉරුදින උදැසන 07.30 සිට මාතර Browns Hill  හිදී පවත්වන මෙම තරගාවලිය නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට ආරාධනා.