Tuesday, April 16, 2024

General line - 0115112241

සිරියාවේ දරුණු සටන් (VIDEO)

දිනුක් හේවාවිතාරණ




ඉස්ලාමිය අන්තවාදීන් ගේ ග්‍රහණයේ තිබෙන සිරියාවේ අවසන් පාලන ප්‍රදේශය මුදවා ගැනීමේ මෙහෙයුම් මේ වන විට අමෙරිකාවේ සහය සහිත මිත්‍ර පාක්ෂික හමුදාවන් විසින් ආරම්භ කර තිබෙනවා. ඉරාක දේශ සීමාවට ආසන්නයේ පිහිටි බැග්හුස් ප්‍රාන්තයේ පිහිටි අවසන් ඉස්ලාමිය සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශයේ ගතවූ දින දෙක තුල දරුණු ලෙස සටන් ඇවිලී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කුර්දි සටන්කාමීන් විසින් ඉස්ලාමිය සටන්වාදීන් ගේ බර අවි ස්ථානගත කර තිබෙන ස්ථාන ඉලක්ක කර ගනිමින් සිය ප්‍රහාර එල්ල කරමින් සිටින අතරවාරයේ දී එම ප්‍රදේශයේ සිරවී සිටි දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් මේ වන විට මිත්‍ර පාක්ෂික හමුදාවන් සිටින ප්‍රදේශ කරා පැන එමින් සිටින බවයි වාර්තා වන්නේ.

සිරියාවේ පිහිටි අවසන් ඉස්ලාමිය ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශය තුල සටන්කාමින් 600කට ආසන්න පිරිසක් සිටින බවට විශ්වාස කරන බවත් ඒ අතර විදෙස් සටන්කාමින්ද සිටින බවයි අමෙරිකාවේ සහය ලබන මිත්‍ර පාක්ෂික හමුදාවන් විශ්වාසය පළ කරන්නේ.