Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද

දිල්ශාන් තුෂාර




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (14) දෙවන දිනයයි.

ඊයේ (13) දිනය නිමාවන විට පළමු ඉනිම කී‍්‍රඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 49ක් රැස් කර ගෙන සිටියා. නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 28යි.  ඕෂධ ප‍්‍රනාන්දු නොදැවී රැස් කර ගෙන සිටි  ලකුණු සංඛ්‍යාව 17ක්.  ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න ලකුණු නොලබා දැවී ගියේ ඩෙල් ස්ටේන්ගේ පන්දුවක් හමුවේයි.

දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පළමු ඉනිමේදී  ලකුණු 235ක් රැස් කළා. ඒ අනුව කඩුළු 09ක් අතැතිව සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායම දකුණු අපි‍්‍රකානු පළමු ඉනිමට වඩා පසුපසින් සිටින්නේ ලකුණු 186කින් පමණයි.