Thursday, April 25, 2024

General line - 0115112241

ඉම්රාන්ගේ අනියම් බිරිඳට කොටහේනේදී වෙඩි තබයි

දිනුක් හේවාවිතාරණ




යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් කොළඹ කොටහේන මැල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සිටි කාන්තාවකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම කාන්තාව තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 39 හැවිරිදි හෙරොයින් ජාවාරමේ නිරත "කුඩු චුටි" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලබන ආශා ෆාරි නම් කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.මෙම කාන්තාව ඉකුත්දා ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායකයෙක් වන කංජිපානි ඉම්රාන් ගේ අනියම් බිරිඳ ලෙස හඳුනාගෙන තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කාන්තාවගේ මුහුණට සහ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි.