Friday, April 19, 2024

General line - 0115112241

එජාපය මැතිවරණය කල් දමනා නිසා ජනපතිවරයා අමාත්‍යංශය පවරා ගත යුතුයි කීම විහිලුවක් - එජාපය

ලහිරු කපුගේ




පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නැයි විපක්‍ෂ කණ්ඩායම් කරන යෝජනාව විසුළු සහගත බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. 

ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර රමේෂ් පතිරණ කියාසිටියේ පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය නොමැති බවයි. ඒ නිසා එම ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට නම් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරාගෙන ජනාධිපතිවරයා විසින් අදාළ නීති සංශෝධන සිදුකළ යුතු බවද ඔහු පැවසුවා. 

එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ඊට ප‍්‍රතිචාර දැක්වුවා පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉදුනිල්.

 

අදාළ නීති සංශෝධන නියමිත පරිදි සිදුකර ගැටළු නිරාකරණය කිරීමෙන් පසු පළාත් සභා ඡන්ද විමසීම තවත් කල් නොයවා පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කරන බවද තුෂාර ඉදුනිල් මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිිටියා.