Thursday, April 25, 2024

General line - 0115112241

මරණ දඬුවමට කතෝලික සභාවත් විරුද්ධ වෙයි




මරණීය දණ්ඩනය යළි කි‍්‍රයාත්මක කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සන්සදය විරෝධය පළ කරනවා. කතෝලික සභාවේ වත්මන් ස්ථාවරය සහ ඉගැන්වීම් අනුව කිසිඳු කරුණක් නිසා හෝ මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

කෙසේවෙතත් මත්උවදුර පිටුදැකීමට ද අනිවාර්යයෙන් පියවර ගත යුතු බව මෙහිදී අවධාරණය කර තිබෙනවා. ඒ සඳහා ඇබ්බැහිවූවන් පුණරුත්තාපනය කරන සහ මත්ජාවාරම මැඩ පවත්වන සාධාරණ කි‍්‍රයාදාමයක් පවුල, අධ්‍යාපන ආයතන, ආගමික නායකයන්, සිවිල් කි‍්‍රයාකාරීන් සහ රාජ්‍ය නොවන සංවිධානවල සහයෙන් කි‍්‍රයාවට නැංවිය යුතු බවයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ. 

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද ඇතුළුව රදගුරුවරුන් 14දෙනෙකු මෙම නිවේදනයට අත්සන් තබා තිබෙනවා.