Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ගැන අධිකරණයට පෙත්සම්ක්

අධිකරණ වාර්තාකරු




ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපතිධූරයට සහ උප සභාපතිධූරයට තරග කිරීමට ඉදිරිපත් කළ සිය නාමයෝජනා ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව මොහොන් ද සිල්වා සහ රවීන් වික‍්‍රමරත්න ඉදිරිපත් කළ රීට් පෙත්සම් ලබන 20වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (15) දින ලබා දුන්නා. 

මොහොන් ද සිල්වා සහ රවීන් වික‍්‍රමරත්න මෙම රීට් පෙත්සම් ගොනු කර ඇත්තේ සිය නාමයෝජනා පිළිගන්නා ලෙසට කී‍්‍රඩා අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින්. අද ඒවා සලකා බැලූනේ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති දිපාලි විජේසුන්දර සහ අර්ජුණ ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.