Friday, April 19, 2024

General line - 0115112241

මිහින්තලය චෛත්‍යයක් මත නැග ඡයාරූප ගත් තරුණයින් රිමාන්ඞ්

ලහිරු කපුගේ / උපාලි ආනන්ද




මිහින්තලේ පූජා භූමියේ පිහිටි නටඹුන් පරිවාර චෛත්‍යක් මතට නැග ජයාරූප ලබා ගන්මින් සිටියදී ඊයේ (14) අත්අඩංගුවට ගැනුණු තරුණයින් දෙදෙනා ලබන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

ඒ, අනුරාධපුර මහේ්ස්ත‍්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයක් අනුවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ප‍්‍රගතිය අධිකරණයට දන්වන්නැයි මිහින්තලය පොලිස් ස්ථානාධිපතිවරයාට ද මෙහිදී නියෝගයක් නිකුත් කෙරුණා. 

මේ අතර මූලික විමර්ශන වලින් හෙළි වී ඇත්තේ සැකකාර තරුණයන් දෙදෙනා තිහාරිය ප‍්‍රදේශයේ පෞද්ගලික අරාබි විද්‍යාලයක සිසුන් බවයි. ඔවුන්ගෙන් එක් අයෙකු ජලාල් ඞීන් රිශ්නි අහමඞ් ලෙස ද අනෙක් තැනැත්තා රසීක් මොහොමඞ් ජිෆ්රි ලෙස ද හඳුනාගෙන තිබෙනවා.