Friday, April 26, 2024

General line - 0115112241

පාකිස්ථානයට එරෙහිව ඉන්දියාව අවි අමෝරයි

දිනුක් හේවාවිතාරණ




පාකිස්ථානය සම්පුර්ණයෙන් හුදෙකලා කර දැමීමට ඉන්දියාව සම්පුර්ණ පියවර ගන්නා බව එරට ෆෙඩරල් අමාත්‍ය අරුන් ජෙටලී ප්‍රකාශ කරනවා. ඊයේ (14) කාශ්මිරයේදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන ආරක්ෂක අංශ සාමාජිකයින් 40 දෙනෙක් මිය යාමත් සමග ඉන්දියාව විවෘතව පාකිස්ථානයට අභියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පාකිස්ථානය සහමුලින්ම හුදෙකලා කර දැමීම සඳහා තම රට ගත හැකි සියළුම රාජතාන්ත්‍රික පියවර ගනිමින් සිටින බවයි අමාත්‍ය අරුන් ජෙට් ලී කියා සිටින්නේ.

ඉන්දීය ආරක්ෂක අංශ රථ පෙළ ඉලක්ක කර ගනිමින් එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන බෙදුම්වාදී ත්‍රස්ත කණ්ඩායමක් විසින් බාරගෙන ඇත. ගතවු දශක කිහිපය තුලදී කාශ්මීරය තුලදී ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් එල්ලවූ ප්‍රබලතම ත්‍රස්ත ප්‍රහාරය මෙය බවටයි සැලකෙන්නේ.

ඉන්දියාව විසින් මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ බව කියන ඡයිෂ්-ඊ-මොහොමඩ් සටන්කාමී කණ්ඩායමට එරෙහිව සම්බාධක පනවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා තිබෙනවා. එම ත්‍රස්ත සංවිධානයේ නායකයා බව කියන මසුඩ් අසාර් අත්‍යවශ්‍ය ත්‍රස්ත නායකයින්ගේ ලැයිස්තුවට ඇතුලත් කරන ලෙසද ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර ඉන්දියාවේ වෙසෙන පාකිස්තානු තානාපති සොහේල් මොහොමඩ් කැඳවූ ඉන්දීය විදේශ ලේකම්වරයා කියා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්ථානය වහාම සොයා බැලිය යුතු බවයි.