Friday, April 26, 2024

General line - 0115112241

කිරිපිටි වාදයට ජනපතිත් එක්වෙයි




කවුරුන් කුමන ප‍්‍රකාශ සිදුකළ ද ආනයනික කිරිපිටි සෞඛ්‍ය සම්පන්න ජනතාවකට සුදුසු නොවන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. තමන් එදා මෙන්ම අදත් එම ප‍්‍රතිපත්තියේ සිට කටයුතු කරන බවයි දෙහිඅත්තකණ්ඩිය නුවරගල මහා විද්‍යාලයේ අද (15) පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කියා සිටියේ. 

ආහාර නිෂ්පාදන ජාතික සංග‍්‍රාමයේ, 2018 මහවැලි ගොවි අභිෂේකය වෙනුවෙන් ත්‍යාග සහ සම්මාන ප‍්‍රදානය කිරීම සඳහා එම උත්සවය පැවැත්වුණා. තවත් සති කිහිපයක් තුළ නීතිවිරෝධී මත්පැන්වලින් ගම්මාන නිදහස් කර ගැනීමේ සටන ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.