Friday, April 26, 2024

General line - 0115112241

රන්ජන් හෙළි කළ මතට ඇබ්බැහි වූ ඇමතිවරුන් ගැන පොහොට්ටුව පරීක්ෂණයක් ඉල්ලයි

ලහිරු කපුගේ




මත්කුඩු භාවිත කරන ඇමතිවරුන් සිටී නම් ඒ පිළිබඳ ජනාධිපතිවරයා වහා සොයා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඞී වී චානක පවසනවා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඉකුත් දා සිදු කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්. 

මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය හරහා රටේ සියලූ ප‍්‍රශ්ණ වසා ගැනීමේ උත්සහයක් කි‍්‍රයාත්මක බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඞී වී චානක වැඩිදුරටත් පෙන්වා දුන්නා.