Saturday, April 20, 2024

General line - 0115112241

ඩුබායි ගිය නීතීඥවරුන් ගැන අමල්ගේ සොහොයුරාගෙන් අනාවරණයක් (EXCLUSIVE)

චාමික බණ්ඩාර




සිය සොහොයුරා සහ ඔහුගේ පුත‍්‍රයා වෙනුවෙන් පෙනී සිටීමට යැයි පවසමින් නීතීඥ උඳුල් පේ‍්‍රමරත්න ඇතුළු කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගියේ සිය පවුලේ ඉල්ලීමකට අනුව නොවන බව අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

අපිට කතා කරලා කිව්වා අයියගේ යාළුවෝ. අයියගේ යාළුකම වෙනුවෙන් එහෙට යනවා කියලා අයියගේ සහ පුතාගේ විදෙස් ගමන් බලපත්‍රයේ ජයාපිටපත් දෙකක ලබා දෙන්න කියලා අපෙන් ඉල්ලුවා. අපි එක ලබා දුන්නා. ඒත් මේක කොහොමද වෙන්නේ කියලා කතා කරන්න කලින් බොහොම ඉක්මනටම ඩුබායි බලා පිටත්ව ගිහින් තිබුනා යැයි සොහාන් පෙරේරා වැඩිදුරටත් කියා සිටියා.

 

පවුලේ නීතීඥවරයා වන ශාබ්දික වෙල්ලප්පුලි හැරුණු කොට වෙනත් නීතීඥවරයෙකුට සිය සොහොයුරා හෝ ඔහුගේ පුත‍්‍රයා හමුවීමට අවස්ථාවක් ලැබී නොමැති බව ද සොහාන් පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියා. 

අපේ පවුලේ නීතිඥයාට ඊයේ දිනයේදී අමල් පෙරේරාව මුණ ගැසෙන්න අවස්ථාව හිමිවෙලා තියෙනවා. නමුත් උදුල් ප්‍රේමරත්න අයියත් එක්ක දුරකථනයෙන් කතා බහා කළා කියලා මට ආරංචියි. ඒ රටේ නිතිය අනුව පවුලේ ලේ ඥාතියෙක්ට හෝ නීතිඥයෙක් නම් විදේශ කටයුතු අමාත්‍යාංශයට අවශ්‍ය ලේඛණ ඉදිරිපත් කරලා ඩුබායි බලධාරීන්ට අවශ්‍ය දැනුම් දීම සිදුකළාට පස්සේ තමයි සිරගතව සිටින කෙනෙක්ව මුණ ගැසීමට අවස්ථාව ලබා දෙන්නේ, සොහාන් පෙරේරා වැඩිදුරටත් කියා සිටියා.