Wednesday, April 24, 2024

General line - 0115112241

ජනපති ගිය උත්සවයකට මූනිස්සමක් රැගෙන ආ අයෙකු අත්අඩංගුවට

පසන් වික්‍රමතිලක




ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා අද (15) පෙරවරුවේ සහභාගී වූ දෙහිඅත්තකණ්ඩිය නුවරගල මහා විද්‍යාලයේ පැවැති උත්සවයට ටී 56 පතොරොමක උඩු කොටස රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ජනාධිපති ආරක්ෂක අංශය මගින්.  

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අරලගංවිල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. සැකකරුගේ මුදල් පසුම්බිය තුළ තිබී එම පතොරොම් කොටස සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.