Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලකුණු 304 ඉලක්කයක්

සමන්ත කුමාර




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ 03වන දිනය අදයි. සිය දෙවෙනි ඉනිම කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ සියලූම පිතිකරුවන් අද (15) දිනයේදී ලකුණු 259කට දැවී ගියා. 

දකුණු අපි‍්‍රකානු දෙවෙනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක පෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 90ක් රැස් කළා. ක්වින්ටන් ඞී කොක් ලකුණු 55යි. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 66කට කඩුළු 05ක් දවා ගත්තා. විශ්ව ප‍්‍රනාන්දු ලකුණු 71කට කඩුළු 04යි. දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 235ක්. ශ‍්‍රී ලංකාව පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 191ක් පමණයි. 

ඒ අනුව ශ‍්‍රී ලංකා පිළට දෙවෙනි ඉනිමේදී හිමිව ඇති ඉලක්කය ලකුණු 304ක්. ඒ අනුව දෙවෙනි ඉනිම කී‍්‍රඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 3ක් දැවී ලකුණු 62ක් රැස් කර ගෙන සිටියා.