Friday, April 26, 2024

General line - 0115112241

මන්නාරම සමූහ මිනී වලේ අස්ථි කොටස් සාම්පල වාර්තා ශ්‍රී ලංකාවට

මාධව කුලසූරිය




කාබන් පරික්‍ෂාවක් සදහා අමෙරිකාවේ ෆ්ලොරීඩාහි රසායනාගාරයක් වෙත යැවූ මන්නාරම සමූහ මිනිවලේ අස්ථි කොටස් සාම්පල වාර්තා මෙරටට ලැබී තිබෙනවා. 

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්‍ෂ පැවසුවේ අදාළ වාර්තාව අද අළුයම ලැබුණු බවයි. කාබන් පරීක්‍ෂණය සදහා යොමු කළ සාම්පල හයෙන් පහක වාර්තා එලෙස ලැබී ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කියාසිටියා. මෙම වාර්තා එළඹෙන 20 වනදා මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත ප‍්‍රසිද්ධ කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා. 

කාබන් පරික්‍ෂාවක් සිදු කිරීමෙන් අපේක්‍ෂා කෙරෙන්නේ අදාළ අස්ථි කොටස් හිිමි පුද්ගලයන් ජීවත් වූ කාලසීමාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීමයි. අදාළ ස්ථානයේ තිබී මේ දක්වා මිනිස් සිරුරු 330 ක අස්ථි කොටස් මතුකර ගෙන තිබෙනවා.