Friday, April 19, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා ඉනිමේ 5 වන කඩුල්ලත් බිද වැටෙයි

කසුන් කැලුම්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. ලකුණු 304ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 05ක් දැවී ලකුණු 134ක් ලබා සිටියා. දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ නවක කී‍්‍රඩක  ඕෂධ ප‍්‍රනාන්දුයි.

ඔහු ලකුණු 37ක් ලබා සිටියදී ඬේල් ස්ටේන් යැවූ පන්දුවක් හමුවේ දැවී ගියා. අනතුරුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල ද එම පන්දුවාරයේදීම යළි කී‍්‍රඩාගාරයට හරවා යැවීමට ඬේල් ස්ටේන් සමත්වුණේ තරගයේ වැඩි වාසි දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට අත් කර දෙමින්. නොදැවී පන්දුවට පහරදෙන කුසල් ජනිත් පෙරේර ලකුණු 44ක් ලබා සිටිනවා. අනෙක් අන්තයෙන් නොදැවී පන්දුවට පහර දෙන්නේ ධනංජය ද සිල්වායි. මෙම තරගය ඩර්බන් හිදී පැවැත්වෙනවා.