Thursday, April 25, 2024

General line - 0115112241

හිටපු ජනපතිනියගෙන් රටේ තරුණයින්ට ඇරයුමක්

කසුන් කැලුම්




රටේ අනාගතය භාර ගැනීමට හැකි තරුණයින් මෙම අවස්ථාවේ ඉදිරියට පැමිණිය යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. සිය පුත‍්‍රයා දේශපාලනයට පිවිසෙන්නේ දැයි මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කළා. 

අදට යෙදෙන දිවංගත විජය කුමාරතුංගයන්ගේ 31වන ගුණ සැමරුම වෙනුවෙන් කටුනායක පිහිටි ඒ මහතාගේ සමාධියට පුෂ්පොහාර දැක්වීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිනිය මාධ්‍ය වෙත මෙම අදහස් දැක්වුවා. මෙම අවස්ථාවට මහාචාර්ය කාලෝ ෆොන්සේකා, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් එක්ව සිටියා.