Friday, April 19, 2024

General line - 0115112241

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ඉදිරි පැය 06 තුල තද වැසි




ඉදිරි පැය 06ක කාලය තුළ දිවයිනේ ප‍්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හමැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. ඇතැම් ප‍්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසිද අපේක්ෂා කළ හැකියි. ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ ඒකකයන් ද දැනුවත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. මේ, එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි.

ඇතැම් ප‍්‍රදේශවලට වැසි සමග පැයට කිලෝ මීටර් 70ත් 80ත් අතර තද සුළං ද ඇතිවිය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.