Saturday, April 20, 2024

General line - 0115112241

රුපියල් ලක්ෂ 20ක මත්පෙති තොගයක් මෙරටට ගෙන ආ පුද්ගලයෙකු පොලිස් දැලේ

පවිත‍්‍රා මධුහර්ෂනි




‘‘එක්ස්ටසි’’ නමැති මත්පෙති වර්ගයක් මෙරටට ගෙන්වූ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් මස 23වන දින ජර්මනියේ සිට මෙරටට එවා තිබූ පාර්සලයක් තුළ තිබී මෙම මත්පෙති තොගය සොයා ගැනුණා. ඒ, කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුවට අනුයුක්තව රේගු නිලධාරීන් පිරිසක් සිදු කළ පරීක්ෂාවකදීයි. 

දෙහිවල ප‍්‍රදේශයේ ලිපිනයක් සඳහා එවා තිබූ එම පාර්සලයේ තිබූ මත්පෙති තොගයේ වටිනාකම රුපියල් විසි ලක්ෂ අනූ දෙදහසක් බවයි රේගු නිලධාරීන් පවසන්නේ. රේගු නිලධාරීන් විසින් පාර්සලය සිය භාරයට ගන්නා අවස්ථාවේ අදාළ සැකකරු පළා ගොස් තිබූ අතර, දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව ඉකුත් 13වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.