Tuesday, March 26, 2019
Hotline - 0770586666

අගමැති රනිල්ගෙන් මෝදිට ලිපියක්

හේමන්ත කහවලගේ

2337Views

ඉන්දියාවේ කාශ්මීර ප‍්‍රදේශයේදී ඉන්දීය හමුදා නිලධාරීන් පිරිසක් රැුගත් රථ පෙළක් ඉලක්ක කර ඉකුත් දා එල්ල වුණු ප‍්‍රහාරය දැඩිව හෙළා දකින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ අදාළ ප‍්‍රහාරය පිළිබඳ අසා තමන් මහත් කම්පාවට පත්වූ බවයි.

මෙම කණගාටුදායක අවස්ථාවේ විපතට පත්වූවන්ගේ පවුල් සමග මෙන්ම ඉන්දීය රජය සමග ද ශෝකය බෙදා ගැනීමට තමන් මෙන්ම සමස්ථ ශ‍්‍රී ලංකා ප‍්‍රජාවද එක්ව සිටින බව එම ලිපියේ සඳහන් වනවා.  

එසේම ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද  ඕනෑම අවස්ථාවකදී ඉන්දියාව වෙත පූර්ණ සහය ලබා දීමට ශ‍්‍රී ලංකාව සූදානම් බව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.