Friday, April 19, 2024

General line - 0115112241

පරාජයන් රැසකට තිත තැබීම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් : ජනපතිගෙන් ශ්‍රී ලංකා පිලට සුභ පැතුම් පණිවිඩයක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




දකුණු අප්‍රිකාවට පරාජය කරමින් ලැබූ ටෙස්ට් ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය සුභාශිංසන එක් කර තිබෙනවා.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය නිල ට්විටර් ගිණුම් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ තරගයේ වීරයා සම්මානය දිනා ගත් කුසල් ජනිත් පෙරේරා ගේ දක්ෂතාවයන් අගයමින් සතුට පළ කර තිබීම විශේෂත්වයක්.

දිගින් දිගටම ලැබූ පරාජයන් වලට අවසානය තබමින් ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මුළු මහත් ශ්‍රී ලංකාවම සතුටට පත්වන බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය පණිවිඩයෙන් ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම නවකයින් ගෙන් සැදුම්ලත් කණ්ඩායම ලැබූ ජයග්‍රහණය පිලිබදව සතුටට පත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩක රවිචන්ද්‍ර අශ්වින්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් සුභ පැතුම් එක් කරමින් ට්විටර් පණිවිඩයක් තබා තිබෙනවා.