Saturday, April 20, 2024

General line - 0115112241

උතුරද ඇතුළුව රට සංවර්ධනය කිරීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්




දකුණ, නැගෙනහිර, බටහිර සහ උතුර ද එකවිට සංවර්ධනය කිරීම සිය අභිප‍්‍රාය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. උතුරු පළාත, දකුණු පළාතේ පිළිකන්නක් නොවිය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. මුලතිව් දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පැවැති සංවර්ධන සමාලෝචන රැස්වීම අමතමින් අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මුලතිව් ප‍්‍රදේශයට යුද්ධයෙන් සිදුවූ හානිය තවමත් යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වී ඇති බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. යුද්ධයෙන් පීඩාවට පත් භෞතික සම්පත් මෙන්ම ජනතා සිත්සතන් ද යළි යථාතත්ත්වයට පත් කරලීම සඳහා සියලූ රාජ්‍ය නිලධාරීන් එකසිතින් වැඩ කළ යුතු බවද අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.