Saturday, April 20, 2024

General line - 0115112241

බස් අනතුරෙන් තුවාලකරුවන් 19ක් රෝහලට - මළ සිරුරු 04ක් බස් රථයෙන් පිටතට ගනී (UPDATE)




අද අලුයම  මාරවිල මහවැව හංදිය අසළදී සිදු වූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ 19 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති බව වාර්තා වෙනවා.

බස් රථය තුළ මළසිරුරු 04ක්ද ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. 

අද (18) අලුයම 4.30ට පමණ මාරවිල මහවැව හංදිය අසළදී වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමර් කණුවක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

එහිදී අනතුරත් සමග ට්‍රාන්ස්ෆෝමරය බස් රථය මතට කඩන් වැටී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

------------------------------

 

බස් රථයක් අනතුරකට - 08ක් රෝහලේ - තවත් පිරිසක් සිර වේ

(18-02-2019 06:29)

 

අද (18) අලුයම සිදු වූ බස් රථ අනතුරකින් 08 දෙනෙකු තුවාල ලබා තවත් පිරිසක් බස් රථය තුළ සිරවී සිටින බව වාර්තා වෙනවා.

අද අලුයම 4.30ට පමණ මාරවිල මහවැව හංදිය අසළදී වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමර් කණුවක ගැටී අනතුර සිදුව තිබෙනවා.

එහිදී 08 දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් කිහිපදෙනෙකු බස් රථයේ සිරවී සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මියගොස් ඇති සංඛ්‍යාව මෙතෙක් අනාවරණය වී නොමැති බවද පෙන්වා දෙනවා. බස් රථයෙන් පිරිස ඉවතට ගැනීමේ කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතිනවා.