Thursday, April 25, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක ක්‍රිකට් වීඩියෝව එක් අයෙකුගේ පටු අරමුණක් - ක්‍රිකට් ආයතනයත් පරීක්ෂණ අරඹයි

කසුන් කැළුම්/තරංග රුක්ෂාන්




මේ වනවිට දැඩි කතාබහක් මතුකර ඇති ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයින් කිහිප දෙනෙකුගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ ඇතුළත් වීඩියෝ පටය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

දකුණු අපි‍්‍රකාව සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ජය සැමරීම සඳහා පැවති සුහද හමුවකදී කුසල් ජනිත් පෙරේරා සහ සුරංග ලක්මාල් පළ කළ අදහස් මෙලෙස වීඩියෝගත කර තිබුණා. අදාළ හමුව පවත්වා ඇත්තේ කී‍්‍රඩක විවේක කාමරයේදී බවයි අනාවරණ වී ඇත්තේ.

පෞද්ගලික ස්ථානයක පැවති එහි දර්ශන වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරියේ කවුරුන් දැයි සොයා මෙම පරීක්‍ෂණ සිදුවන බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකාර බලඇණියේ සාමාජිකයෙකු කී‍්‍රඩකයින්ගේ ප‍්‍රකාශ වීඩියෝගත කරන්නට ඇති බවට සැක පළ වී තිබෙනවා. එම සුහද හමුව පැවති ස්ථානයේ මත්පැන්ද තිබෙන අයුරු අදාළ වීඩියෝවෙහි ඇතුළත්. යොවුන් කී‍්‍රඩකයින්ද එම අවස්ථාවට සහභාගි වී සිටියා. 

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පත්ව ඇති තත්ත්වය හමුවේ ශී‍්‍ර ලංකා කණ්ඩායම තවදුරටත් අපහසුතාවට පත් කිරීමේ අරමුණින් මෙලෙස වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහරින්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග පැවසුවේ එක් අයෙකුගේ පටු අරමුණක් වෙනුවෙන් මෙවැන්නක් සිදුකරන්නට ඇති බවයි. 

අදාළ සිද්ධිය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේද දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා. එම වීඩියෝ පටය නිරීක්‍ෂණය කිරීමේදී දැකගත හැකි වුයේ කිසියම් අයෙකු කී‍්‍රඩකයින් අදහස් දක්වන අවස්ථාව වීඩියෝගත කරන බව දැන සිිටින බවයි. පළමුවෙන් අදහස් දක්වන කුසල් ජනිත් පෙරේරා, සිය කතාව ආරම්භ කරන්නේද මෙය වීඩියෝ ගත කරන බැවින් තමා භාෂාව පිළිබද තරමක් සිතා මතා කතා කරන බව පවසමින්. අදාළ ආන්දෝලනාත්මක වීඩියෝ පටය පහතින් දැක්වෙයි.