Friday, March 29, 2024

General line - 0115112241

වාහන ආනයනය සහ අළෙවිය වේගයෙන් පහළ යයි

දිල්ශාන් තුෂාර




වාහන ආනයනය සහ අළෙවිය සීග්‍රයෙන් පහත වැටී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චි සඳහන් කළේ වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ වාහන ආනයනය කිරීමේදී බවයි.

වාහන ආනයනය සියයට 90 කින් පමණ පහළ වැටී ඇති අතර වාහන අළෙවියද සියයට 70 කින් පමණ පහළ වැටී ඇති බව ඔහු කියාසිටියා. රජය මගින් පසුගිය අවස්ථා කිහිපයකදී පැන වූ සීමාවන්ද මෙම තත්ත්වයට හේතුවක් බවද සඳහන් කළා.

වෙළදපොළ ස්ථාවරත්වයක් නොමැතිකමද වාහන අළෙවියට දැඩි ලෙස බලපා ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

වෙළදපොළේ පවතින මෙම තත්ත්වය අවම කිරීම සඳහා එළඹෙන අයවැයේදී හෝ පියවර ගනු ඇති බවයි වාහන ආනයනකරුවන් විශ්වාසය පළ කළේ.