Wednesday, April 24, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා මයිලෝ පාසල් පාපන්දු කණ්ඩායමට අතිදක්ෂයින් තෝරා ගැනීම ඇරඹෙයි - චීනයේදී ශූරතාවලියකුත්  




ශ‍්‍රී  ලාංකික  දක්‍ෂ  පාපන්දු  ක‍්‍රීඩකයන්  8  දෙනෙකුට  ජීවිත  කාලයටම  හිමිවන  අගනා  අවස්ථාවක්  හිමිකර දෙමින්  චීනයේ  පැවැත්වෙන  මයිලෝ  ලෝක  ශූරතා  පාපන්දු  තරගාවලියට  තරග කරන්නට ප‍්‍රථම  වරට ඉඩකඩ  සලසා  දී  තිබෙනවා.  ලෝ  සුපතල  බාසිලෝනා  පාපන්දු  සංගමයේ  සහයෝගය  ද  ඇතිව  නැවතත්  මේ දැවැන්ත පියවර තබන්නට මයිලෝ අපේක්‍ෂා කරයි.

මයිලෝ  යනු  කවදත්  ක‍්‍රීඩාශීලී  සහභාගීත්වය  තුළින්  දරුවන්ගේ  ජයග‍්‍රහණයන්  ඔප්නංවන්නටත්,  ඔවුන්ට මනා   පෞරුෂ   හැකියාවන්   දියුණු   කරගැනීමටත්   දිරිදෙන   සන්නාමයකි.   ‘මනුෂ්‍යත්වය’,  ‘උත්සාහය’, ‘අරමුණ’,  ‘ගෞරවය’  සහ  ‘කණ්ඩායම්  හැගීම’  යන  පංචවිධ  හරයන්  තේමා  කරගත්  බාසිලෝනා  පාපන්දු සංගමය  සමග  එක්  වෙමින්  මයිලෝ  සිව් අවුරුදු  ජාත්‍යන්තර  සහයෝගීතා වැඩපිළිවෙළක්  මේ  වන  විටත් දියත්  කොට  තිබෙනවා.  දරුවන්  සෞඛ්‍යසම්පන්න  ජීවන  රටාවකට  හුරු  කරවීම  සහ  ශාරීරික  ක‍්‍රියාකාරකම්වල වැදගත්කම  ඔවුන්ට  අවබෝධ  කරදීම මෙහි  ප‍්‍රධානතම  ඉලක්කයයි. 

මෙම  සහයෝගීතාව  හරහා  පාසල් දරුවන්  වැඩි  වැඩියෙන්  ක‍්‍රීඩාවට  යොමු  කරගැනීම  උදෙසා  වූ  ක‍්‍රීඩා  වැඩසටහන්  මාලාවක්  දියත්  කිරීමට යෝජිතයි.  දශක  ගණනක්  පුරා  පාසල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ දියුණුව  වෙනුවෙන්  අතහිත  දෙන  මයිලෝ,  ඒ වෙනුවෙන්ම ආරම්භ කළ ‘The MILO Champions Cup’ ශූරතාවලිය හරහා ලාංකික ළමා පාපන්දු ක‍්‍රීඩකයන් දිරිගැන්වීමට බලාපොරොත්තු   වන   අතරම   මෙම   ජාත්‍යන්තර   ගිවිසුම   ඊට   මනා   පිටුවහලක් වී තිබෙනවා.

‘The MILO Champions Cup’  ශූරතාවලිය,  අධ්‍යාපන  අමාත්‍යංශයේ  අධීක්‍ෂණය  යටතේ  ශ‍්‍රී  ලංකා  පාසල් පාපන්දු  සංගමයේ  විසින්  මෙහෙයවනු  ලබන  සමස්ත  ලංකා U -12 පාපන්දු තරගාවලියක් ලෙස  දියත් කිරීමට සැලසුම් කොට තිබෙනවා. 2008 සහ 2009 යන වසරවල උපත ලැබූ දරු දැරියන්ට මෙම තරගාවලියට
සහභාගී වීමට අවකාශ සැලසෙන අතර 265ක බාලිකා කණ්ඩායමක් හා 822ක බාලක කණ්ඩායමක් මෙන්ම
13,044ක්    පමණ    දරුදැරියන්ගේ    සහභාගීත්වයෙන්    මෙම    තරගාවලිය    පැවැත්වීමට    නියමිතයි.

තරගාවලියේදී  දක්වන   හැකියාවන්  සහ   වටිනාකම්  අනුව  දක්‍ෂතම  ක‍්‍රීඩක   ක‍්‍රීඩිකාවන්  අවසන්  පුහුණු කඳවුරට  තෝරා  ගනු  ලබනවා.  එහිදී  ප‍්‍රවීණ  පුහුණුකරුවන්ගේ  අධීක්‍ෂණය  යටතේ  අතිදක්‍ෂ ක‍්‍රීඩකයන්  8 දෙනෙකු ශ‍්‍රී ලංකා මයිලෝ පාපන්දු කණ්ඩායම ලෙස තෝරා ගැනීමට නියමිතයි.

තෝරාගනු  ලැබූ  ලාංකික  පාපන්දු  ක‍්‍රීඩකයන්  8  දෙනා  චීනයේ  පැවැත්වෙන  මයිලෝ  ශූරතා  තරගාවලියේදී ශ‍්‍රී   ලංකාව   නියෝජනය   කරමින්   මැලේසියාව,   පිලිපීනය,   වියට්නාමය,   ඉන්දුනීසියාව,   තායිලන්තය, ඕස්ටේ‍්‍රලියාව,  පාකිස්තානය,  කොලොම්බියාව,  චිලී,  ජැමයිකාව,  ටි‍්‍රනිඩෑඞ්  හා  ටොබැගෝ  යන  රටවල්  හා තරග වැදීමට නියමිතයි. 
එක් කණ්ඩායමකින් ක‍්‍රීඩකයන් 8ක් බැගින් සහභාගි වන මෙම තරගාවලියේදී එක් ක‍්‍රීඩිකාවක් ද සමග තරගයක් සඳහා ඉදිරිපත් විය යුතු ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 5කි. 

එමෙන්ම මෙය මිනිත්තු 10 බැගින්  අර්ධ  දෙකකින්  සමන්විත  තරගයකි.  දින  9ක්  පුරා  පැවැත්වෙන  මෙම  තරගාවලියට  සමගාමීව බාසිලෝනා  පාපන්දු  සංගමයේ   Barca Academy (පාපන්දු පාසල)  විසින්  සංවිධාන  කරන  පුහුණු කඳවුරක් ද පැවැත්වෙනවා.

මෙකී  සමස්ත  මයිලෝ  ශූරතාවලිය  තුළින්  බලාපොරොත්තු  වන්නේ  තරුණ  ක‍්‍රීඩකයන්  තුළ  තිබෙන්නා  වූ කණ්ඩායම්   අගයන්   හඳුනාගැනීම   වන   අතර   මයිලෝ   සහ   බාසිලෝනා   පාපන්දු   සංගමය   එක්ව #TEAMMAKESME  යන  තේමාව  යටතේ  ලොව  පුරා  සිටින  දරුවන්  තුළ  කණ්ඩායම්  හැගීම  වර්ධනයට මෙමගින් උත්සාහ දරනවා.