Saturday, April 20, 2024

General line - 0115112241

අම්පිටිගල ශී‍්‍ර සුමංගලාරාම විහාරස්ථානයේ නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහනට සැදැහැවතුන් රැසක් එක්වෙයි




හොරණ, මදුරාවල, අම්පිටිගල ශී‍්‍ර සුමංගලාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන නවම් පුර පසලොස්වක පොහෝ දා නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහනේ තවත් පිංකම් කිහිපයක් අද (19) රාති‍්‍රයේ පැවැත්වෙනවා.

ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සදහා අප දැන් සම්බන්ධ වනවා නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.

.......................................................

ශ්වේත පූජා පිංකම් මාලාව ඇරඹෙයි - විහාරස්ථානය අවට සිටින ජනතාවට පිංකම් සඳහා එක්වන්නැයි ඇරයුම්

(19-02-2019 06:16)

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ, අදට (19) යෙදී ඇති නවම් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

සෑම පුර පසලොස්වක පොහොය දිනකම නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා වැඩසටහන අද (19) පැවැත්වෙන්නේ හොරණ, මදුරාවල, අම්පිටිගල ශී‍්‍ර සුමංගලාරාම විහාරස්ථානයේදීයි.

එහි නවතම තොරතුරු වාර්තා කළ නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සඳහන් කළේ "උදෑසන අෂ්ඨාංග සීලය සමාදන් වීමෙන් අනතුරුව මහා පිංකම් මාලාව ආරම්භ කෙරුණා. අද දවස පුරා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, කාව්‍යමය ධර්ම දේශනා,  අධිෂ්ඨාන පූජා ආදී පිංකම් මාලාවක් සංවිධානය කර තිබෙනවා. විහාරස්ථානය අවට සිටින සියලු දෙනාට මෙම පිංකම් සමග සම්බන්ධ වෙන ලෙසට ආරාධනා කරනවා. සවස 4.00ට විශේෂ ධර්මානුශාසනාවක් පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කෙරෙනවා. පස්වරු 5.30ට නෙත් එෆ්. එම්. පහන්කන්ද ආශීර්වාද පූජාව පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින්වහන්සේ  වැඩමවීමෙන් සිදු කෙරෙනවා." යනුවෙනි.

රාත්‍රි 7.00ට පැවැත්වෙන ධර්මදේශනයෙන් අනතුරුව රාත්‍රි 8.00ට විශේෂ ආශිර්වාද ගිතෙල් පහන් පූජාව පැවැත්වෙනු ඇති.

 

 

-----------------------------

 

නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන හෙට හොරණ අම්පිටිගල ශී‍්‍ර සුමංගලාරාම විහාරස්ථානයේදී

(18-02-2019 21:28)

 

 

සෑම පුර පසලොස්වක පොහොය දිනකම නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා වැඩසටහ හෙට (19) පැවැත්වෙන්නේ හොරණ, මදුරාවල, අම්පිටිගල ශී‍්‍ර සුමංගලාරාම විහාරස්ථානයේදීයි.

හෙටට යෙදෙන නවම් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සම්බන්ධයෙන් හොරණ, මදුරාවල, අම්පිටිගල ශී‍්‍ර සුමංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය හාතිඇල්වෙල චන්දානන්ද හිමියන් මෙලෙස අදහස් පළ කළා.