Friday, March 29, 2024

General line - 0115112241

ඔස්ටේ‍්‍රලියානු දරුවන්ට එල්ල වන බලපෑමක් ගැන ජගත් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඔස්ටේ‍්‍රලියාවේ නැගෙනහිර ප‍්‍රදේශ රැසකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් එරට දරුවන්ගේ වර්ධනයට අයහපත් බලපැම් එල්ල කරමින් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවනවා. එම සංවිධානය පවන්නේ පවතින වියළි කාලගුණයත් සමග ග‍්‍රාමීය දරුවන් වැඩි පිරිසකට සිය දෙමව්පියන් සහ පවුලේ සාමාජිකයින් සමග ගත කිරීමට ඇති කාලය අඩුවී ඇති බවයි. 

එසේම ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපනික කටයුතු වලට සහ රැකියා සම්බන්ධයෙන් ද අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි එම සංවිධානය පැවසුවේ. දැඩි වෙහෙසකාරී තත්ත්වයන් හේතුවෙන් එම දරුවන් ශාරීරික හා මානසික වශයෙන් ද පිඩාවට ලක්ව ඇතැයි සඳහන්. මෙම තත්ත්වයන් දුරුකරලීම සඳහා දරුවන් වෙනුවෙන් වැඩිවශයෙන් ප‍්‍රතිපාදන ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔස්ටේ‍්‍රලියානු රජයෙන් ඉල්ලීමක් ද කරනවා.