Saturday, April 20, 2024

General line - 0115112241

IPL තරග කාල සටහනේ පළමු අදියර ප්‍රකාශයට පත් කරයි

සමන්ත කුමාර




2019 ඉන්දියන් පි‍්‍රමියර්ලීග් කි‍්‍රකට් තරගාවලියේ සති දෙකක තරග කාල සටහන එළි දක්වා තිබෙනවා. ඒ අනුව මෙවර තරගාවලයේ පළමු තරගය මාර්තු මස 23වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. වත්මන් අයි පී එල් ශූරයින් වන මහේන්ද්‍ර සිං දෝණි නායකත්වය දරණ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සහ විරාත් කෝලි මෙහෙයවන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර එම තරගය පැවැත්වීමට නියමිතයි. 

පළමු දෙසතිය තුළ පැවැත්වීමට නියමිත මුළු තරග සංථඛ්‍යාව 17ක්. අයි පී එල් තරගාවලියේ සති දෙකක කාලසටහනක් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ඉදිරියේදී ඉන්දීය මහමැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන්. එම මැතිවරණය පැවැත්වෙන දිනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු තරග කාල සටහන අවශ්‍යවුවහොත් සංශෝධනය කරන බවයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය ප‍්‍රකාශ කලේ.