Tuesday, April 23, 2024

General line - 0115112241

කෝටි 700යේ දියමන්තිවල ජායාරූප මදුෂ්ට ගිය හැටි හෙළි වෙයි

සමන්ත කුමාර




පසුගිය වසරේ නොවැම්බර් මස 05වනදා පන්නිපිටිය ප‍්‍රදේශයේ නිවෙසකදී රුපියල් කෝටි 700ක් පමණ වටිනා මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ ඒකකය මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, කිරිබත්ගොඩ වෙඩිකන්ද ප‍්‍රදේශයේදීයි. එලෙස අත්අඩංගුවට ගැනුනේ කිරයාදුරගේ කසුන් ධනංජය නොහොත් වෙඩිකන්දේ කසුන් නමැති අයෙක්. එම සැකකරු හෙට (20) ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. කොල්ල කන ලද මැණික් සහ දියමන්ති වල ජායාරූප ඉන් එක් සැකකරුවෙකු සිය ජංගම දුරකතනයෙන් මාකඳුරේ මදුෂ් වෙත යවා ඇති බව ද අනාවරණ වී තිබෙනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර.