Tuesday, May 21, 2019
Hotline - 0770586666

නිවසෙන් අතුරුදහන් වූ දරුවා යළි හමු වූ හැටි (PHOTOS)

රංජිත් රාජපක්ෂ

6403Views

 

 

 

අතුරුදහන්ව සිටි පිරිමි ළමයා අද (20) උදැසන ඔහු පදිංචිව සිටි නිවස අසලම පාරක සිට හමු වී තිබෙනවා.

ආගරපතන පොලිස් වසමට අයත් හොල්බෘක් වතුයායේ අලර්වල්ලි ලොවර්ග්‍රෑන්ඩ් ප්‍රදේශයේ නිවසක සිටි මෙම දරුවා ඊයේ (19) පස්වරුවේ සිට අතුරුදහන්ව සිටි අතර ඒ මොහොතේ සිට පොලිසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ ප්‍රදේශවාසීන් එක්ව අද අලුයම තෙක් දරුවා සෙවීමේ කටයුතු සිදු කළා.

යදිස් විදුර්ෂන් නැමති අවුරුදු දෙකක් වයසැති මෙම දරුවා නිවසේ සෙල්ලම් කරමින් සිටියදී ඊයේ (19) පස්වරු 3.00 සිට අතුරුදහන්ව ඇති බවයි පවුලේ ඥාතින් විසින් ආගරපතන පොලිසියට පැමිණිල්ලි කර තිබුණේ.

අතුරුදහන්ව සිටි දරුවා කිසියම් කෙනෙකු විසින් පැහැරගෙන ගොස්, සිදු කෙරෙන මෙහෙයුම් ගැන සැළ වී දරුවාව යළි නිවස අසලටම ගෙනවිත් දමන්නට ඇති බවයි පොසිලිය සැක කරන්නේ.