Friday, March 29, 2024

General line - 0115112241

නවසීලන්ත ක‍්‍රීඩක රොස් ටේලර්ගෙන් නව ක‍්‍රිකට් වාර්තාවක්

තරංග රුක්ෂාන් ජයසේකර




නවසීලන්ත ක‍්‍රීඩක රොස් ටේලර් අද නව ක‍්‍රිකට් වාර්තාවක් බිහි කළා.

ඒ, එක්දින ක‍්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ නවසීලන්ත ක‍්‍රීඩකයා බවට පත්වෙමින්. ඔහු මෙලෙස බිද දැමුවේ එක්දින තරග 279ක දී ලකුණු 8007ක් රැස් කර ගනිමින් ස්ටීවන් ෆ්ලෙමින් බිහිකර තිබූ වාර්තාවයි.

බංග්ලාදේශය සමග අද පැවති 03 වන එක්දින තරගයේ දී රොස් ටේලර් ලකුණු 69ක් රැස් කළා.

මේ වනවිට එක්දින තරග 218ක දී ඔහු රැස්කර ඇති මුලූ ලකුණු සංඛ්‍යාව 8,026ක්.

මේ අතර තරග 03කින් සමන්විත බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය තුනට - බිංදුවක් ලෙස ජය ගැනීමට ද නවසීලන්තය අද සමත් වුණා.