Thursday, April 25, 2024

General line - 0115112241

ළමා අපයෝජනයට එරෙහිව ලෝක රදගුරුවරු එක්වෙති

තරංග රුක්ෂාන් ජයසේකර




පූජකවරුන් විසින් සිදු කරනු ලබන ළමා ලිංගික අපයෝජන මැඩපැවැත්වීම සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ සාකච්ජා කිරීමට කැඳවූ ලෝක රදගුරු හිමිවරුන්ගේ රැස්වීම හෙට (21) ආරම්භ වනවා. එය ලබන 24 වනදා දක්වා පැවැත්වෙන්නේ රෝමයේදීයි. 

මෙම රැුස්වීම පැවැත්වෙන්නේ අමෙරිකාවේ සහ ජර්මනියේ හිටපු කාදිනල්වරුන් දෙදෙනෙකුට ළමා ලිංගික අපයෝජන චෝදනා එල්ල වී ඇති පසුබිමකයි. ඒ අතරින් අමෙරිකාවේ වොෂිංටන් පදවියේ විශ‍්‍රාමික අගරදගුරුවරයෙකු හා හිටපු කාදිනල්වරයෙකු පූජකත්වයෙන් ඉවත් කිරීමට ද ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත්දා පියවර ගත්තා.