Thursday, April 25, 2024

General line - 0115112241

බක්කුල මහ සෑ ගර්භයේ තැන්පත් කරන ධාතුන් වහන්සේ ඇතුළු පූජා වස්තු නමස්කාරයේ අවසන් දිනය අද (UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර




නෙත් එෆ්. එම්. රේඩියෝවේ දායකත්වයෙන් ආරම්භ වූ බක්කුල මහ සෑ ගර්භයේ තැන්පත් කරන ධාතුන් වහන්සේ ඇතුළු පූජා වස්තු නමස්කාරයේ අද (24) අවසන් දිනයයි.  

හොරණ දික්හේනපුර සීලසුව අරණ පිංබිමේදී සැදැහැවතුන්ට මෙම අවස්ථාව හිමි වනවා.

එහි නවතම තොරතුරු වාර්තා කළ එහි සිටින නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සඳහන් කළේ අද දිනයේ උදෑසන මෙත් නෙත් පාමුල සජීවි වැඩසටහන මෙම පිං බිමේදී පැවැත්වෙන අතර රාත්‍රි 7.00ට සිත් නෙත් අසපුව සජීවි ධර්ම දේශනාවත් පැවැත්වෙන බවයි.

මේ අතර ලෝක උරුම සිංහරාජය සහ කන්නෙලිය රක්ෂිත යා කරමින් නෙත් එෆ් එම් රේඩියෝව අලූතින් නිර්මාණය කරන වනාන්තර කොරිඩෝවට ඔබගේ දායකත්වය ලබාදීමට ද මෙහිදී අවස්ථාවක් පවතිනවා. සීලසුව අරණ පිං බිමේ ස්ථාපිත කර ඇති විශේෂ කාර්යාලයට පැමිණ ඔබේ නමින් පැළයක් වෙන් කර ගැනීමට සහ ඒ සඳහා ලියාපදිංචි වීමට ද හැකියි. 

 

 

---------------------------

ධාතුන් වහන්සේ ඇතුළු පූජා වස්තු නමස්කාරයට සැදැහැවතුන් රැසක් (UPDATE) 

(23-02-2019 19:10)

 

නෙත් එෆ් එම් රේඩියෝවේ දායකත්වයෙන් ආරම්භ වූ බක්කුල මහ සෑ ගර්භයේ තැන්පත් කරන ධාතුන් වහන්සේ ඇතුළු පූජා වස්තු නමස්කාරයට එක්වීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් අද (23) දිනයේ ද හොරණ දික්හේනපුර සීලසුව අරණ පිංබිම වෙත පැමිණියා. බක්කුල මහ සෑ ගර්භයේ තැන්පත් කරන ධාතුන් වහන්සේ ඇතුළු පූජා වස්තු නමස්කාරය කිරීමට සැදැහැවතුන්ට හෙට (24) දිනය දක්වා අවස්ථාව හිමිවන බවයි හොරණ දික්හේනපුර සීලසුව අරණ භික්‍ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් නෙත් නිවුස් වෙත පැවසුවේ. 

පූජ්‍ය කැටවල හේමාලෝක හිමියන් පවත්වන මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡුාව හෙට උදෑසන අටේ සිට හොරණ දික්හේනපුර සීලසුව අරණ පිංබිමේ සිට සජීවීව ප‍්‍රචාරය කෙරෙනවා. පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් පවත්වන සිත්නෙත් අසපුව ධර්ම දේශනය සහ ධර්ම සාකච්ජාව ද හෙට රාත‍්‍රී 07 සිට එම පිංබිමේ සිට සජීවීව ප‍්‍රචාරය කෙරෙනු ඇති.
 
මේ අතර ලෝක උරුම සිංහරාජය සහ කන්නෙලිය රක්ෂිත යා කරමින් නෙත් එෆ් එම් රේඩියෝව අලූතින් නිර්මාණය කරන වනාන්තර කොරිඩෝවට ඔබගේ දායකත්වය ලබාදීමට ද මෙහිදී අවස්ථාවක් පවතිනවා. සීලසුව අරණ පිං බිමේ ස්ථාපිත කර ඇති විශේෂ කාර්යාලයට පැමිණ ඔබේ නමින් පැළයක් වෙන් කර ගැනීමට සහ ඒ සඳහා ලියාපදිංචි වීමට ද හැකියි. 

එහි නවතම තොරතුරු නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්. 

 

.........................................................................

නෙත් එෆ් එම් සංවිධානය කරන 'ධාතු වන්දනාව' ඇරඹෙයි (UPDATE)

(21-02-2019 21:25)

නෙත් එෆ් එම් රේඩියෝවේ දායකත්වයෙන් ආරම්භ වූ බක්කුල මහ සෑ ගර්භයේ තැන්පත් කරන ධාතුන් වහන්සේ ඇතුළු පූජා වස්තු නමස්කාර කරන ධාතු වන්දනාව අද (21) ආරම්භ වුණා.

ඒ, හොරණ දික්හේනපුර සීලසුව අරණ පින් බිමේදීයි. ලබන 24 වනදා දක්වා උත්තම ධාතු වන්දනාව සිදු වනවා. 

මේ අතර ලෝක උරුම සිංහරාජය සහ කන්නෙලිය රක්ෂිත යා කරමින් නෙත් එෆ් එම් රේඩියෝව අලූතින් නිර්මාණය කරන වනාන්තර කොරිඩෝවට ඔබගේ දායකත්වය ලබාදීමට ද මෙහිදී අවස්ථාවක් පවතිනවා. සීලසුව අරණ පිං බිමේ ස්ථාපිත කර ඇති විශේෂ කාර්යාලයට පැමිණ ගස් වෙන් කර ගැනීමට සහ ඒ සදහා ලියාපදිංචි වීමට ද හැකියි. එමෙන්ම මෙම කටයුත්ත පිළිබද වැඩි විස්තර දැන ගැනීමට ද මෙහිදී ඔබට හැකියාව පවතිනවා.

ලබන 24 වනදා තෙක් මෙම කටයුතු ක‍්‍රියාත්මකයි. සිංහරාජය සහ කන්නෙලිය රක්ෂිත යා කරමින් ගස් 25,000ක් සිටිවීම නෙත් එෆ් එම් රේඩියෝවේ අරමුණයි. 

-----------------------------------------------------------------------------------------------------------------------------

නෙත් එෆ් එම් සංවිධානය කරන 'ධාතු වන්දනාව' අද සිට (UPDATE)

21-02-2019 05:10

නෙත් එෆ්. එම්. රේඩියෝවේ දායකත්වයෙන් ආරම්භ වූ බක්කුල මහ සෑ ගර්භයේ තැන්පත් කරන ධාතුන් වහන්සේ ඇතුළු පූජා වස්තු නමස්කාර කරන ධාතු වන්දනාව අද (21) ආරම්භ වනවා.

ඒ, හොරණ දික්හේනපුර සීලසුව අරණ පින් බිමේදීයි.

අද පෙරවරු 10.00 සිට ලබන 24 වැනිදා දක්වා ධාතු වන්දනාව සිදු වනවා. සර්වඥ ධාතුන් වහන්සේ, මහරහත් ධාතුන් වහන්සේ සහ සාධුජන වන්දනයට පත් උතුම් පූජා වස්තු නෙතින් දැක වන්දනාමාන කර ගැනීමට සැදැහැවත් ඔබට මෙහිදී අවස්ථාව උදාවනවා. 

මේ අතර ලෝක උරුම සිංහරාජය සහ කන්නෙලිය රක්ෂිත යා කරමින් නෙත් එෆ්. එම්. රේඩියෝව අලුතින් නිර්මාණය කරන වනාන්තර කොරිඩෝවට ඔබගේ දායකත්වය ලබාදීමට ද මෙහිදී අවස්ථාවක් පවතිනවා. සීලසුව අරණ පිං බිමේ ස්ථාපිත කර ඇති විශේෂ කාර්යාලයට පැමිණ ගස් වෙන් කර ගැනීමට සහ ඒ සඳහා ලියාපදිංචි වීමට ද හැකියි.

එමෙන්ම මෙම කටයුත්ත පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට ද මෙහිදී ඔබට හැකියාව පවතිනවා. ලබන 24 වැනිදා තෙක් මෙම කටයුතු ක‍්‍රියාත්මකයි. සිංහරාජය සහ කන්නෙලිය රක්ෂිත යා කරමින් ගස් 25,000ක් සිටිවීම නෙත් එෆ්. එම්. රේඩියෝවේ අරමුණයි. 
----------------------------

නෙත් එෆ් එම් සංවිධානය කරන උත්තම ධාතු වන්දනාව හෙට ඇරඹේ 

(20-02-2019 21:36)

 

නෙත් එෆ් එම් රේඩියෝවේ දායකත්වයෙන් ආරම්භ වූ බක්කුල මහ සෑ ගර්භයේ තැන්පත් කරන ධාතුන් වහන්සේ ඇතුළු පූජා වස්තු නමස්කාර කරන උත්තම ධාතු වන්දනාව හෙට (21) ආරම්භ වනවා. ඒ, හොරණ දික්හේනපුර සීලසුව අරණ පින් බිමේදීයි. හෙට සිට ලබන 24 වනදා දක්වා මෙම මහඟු පුණ්‍ය කර්මය හා ඔබට ද එක්විය හැකියි. 

මේ අතර ලෝක උරුම සිංහරාජය සහ කන්නෙලිය රක්ෂිත යා කරමින් නෙත් එෆ් එම් රේඩියෝව අලූතින් නිර්මාණය කරන වනාන්තර කොරිඩෝවට ඔබගේ දායකත්වය ලබාදීමට ද මෙහිදී අවස්ථාවක් උදාකර දීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ අනුව සීලසුව අරණ පිං බිමේ ස්ථාපිත කර ඇති විශේෂ කාර්යාලයට පැමිණ ගස් වෙන් කර ගැනීම මෙන්ම මෙම මහඟු කටයුත්ත පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට ද හැකියාව පවතිනවා. සිංහරාජය සහ කන්නෙලිය රක්ෂිත යා කරමින් ගස් 25,000ක් සිටිවීම නෙත් එෆ් එම් රේඩියෝවේ අරමුණයි.