Friday, April 19, 2024

General line - 0115112241

දැඩි ආරක්ෂාවක් මැද ක්‍රිකට් නිලවරණය ඇරඹෙයි

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය කී‍්‍රඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ‍්‍රවණාගාරයේදී අද (21) පෙරවරු 10.00ට ආරම්භ වනවා. එහිදී ඉදිරි වසර දෙක සඳහා නිලධාරින් පත්කර ගැනෙනු ඇති. කී‍්‍රඩා සංගම් අතරින් මෙරට පැවැත්වෙන උණුසුම්ම නිලවරණය කි‍්‍රකට් නිලවරණයයි. මහ මැතිවරණයකට නොදෙවැනි මැතිවරණයක් ලෙසද ඇතැම් විචාරකයින් කි‍්‍රකට් නිලවරණය හඳුන්වා දී ඇත්තේ එහිදී ගැවසෙන අතිවිශාල මුදල් සම්භාරය හේතුවෙන්.

කි‍්‍රකට් නිලවරණයේදී සභාපතිවරයෙකු, උප සභාපතිවරුන් දෙදෙනකු, ලේකම්වරයෙකු, උප ලේකම්වරයෙකු, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන ප‍්‍රධාන තුනතුරු 07 සඳහා නිලධාරීන් පත්කර ගැනීම සිදු වනවා.

මෙවර සභාපති ධුරයට තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් තරග වදින්නේ ශම්මි සිල්වායි.

රණතුංග පාර්ශ්වයෙන් ජයන්ත ධර්මදාස සහ කේ මතිවානන්, සභාපති ධුරයට තරග වදිනවා.

මෙවර නිලවරණයේදී මොහාන් ද සිල්වා ලේකම් ධූරයට ද, රවීන් වික්‍රමරත්න උප සභාපති ධුරයට ද, තරග කිරීමට අභියාචනාධිකරණයේදී ඊයේ (20) දෙපාර්ශ්වයේ එකගතාව පළ වුණා. 

පළාත්, දිස්ත‍්‍රික් සහ අනුබද්ධ යන සංගම් ඇතුලූ ක‍්‍රීඩා සමාජවල සාමාජිකයින් 147 දෙනෙකු අද දිනයේදී සිය ඡන්දය භාවිත කිරීමට නියමිතයි. දකුණු පළාත් ක‍්‍රිකට් සංගමය, ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය සහ කළුතර කායවර්ධන කවයට ද මෙවර ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී තිබීම විශේෂත්වයක්.

විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරුවන් වන චන්ද්‍රා ජයතිලකගේ සභාපතිත්වයෙන් යුත් නිලවරණ කමිටුව මෙම නිලවරණය මෙහෙයවනවා. මැතිවරණ කොමිසමේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 10 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් නිලවරණය නිරීක්ෂණය සඳහා එක්වනු ඇති.

නිලවරණයේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කුරුඳුවත්ත පොලිසිය විසින් සිදු කරනු ලබනවා. සියයකට අධික පොලිස් බලඇණියක් මෙවර කි‍්‍රකට් නිලවරණයේ ආරක්ෂාවට යෙදවීමටයි තීරණය කර ඇත්තේ.