Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රිස් ගේල්ගේ සුපිරි ඉණිම අපතේ යයි : එංගලන්තය වාර්තාගත හඹා යාමක් අවසානයේ ජය සමරයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග  පැවති එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (20) සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා.

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවි ලකුණු 360ක් රැස් කිරිමට සමත් වුණා.

වසරකට ආසන්න කාලයකට පසු කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් පිටියට පිවිසි ප්‍රවේගකාරි පිතිකරු ක්‍රිස් ගේල් එංගලන්ත පන්දු යවන්නන්ට හයේ පහරවල් 12ක් සහ හතරේ පහරවල් 3කින් ද සංග්‍රහ කරමින් පන්දු 129කදි ලකුණු 135ක් වාර්තා කිරිමට සමත් වුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහරවල් (476) සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා වශයෙන් ෂහීඩ් අෆ්රිඩි සමග සම වාර්තාවට උරුමකම් කියු ක්‍රිස් ගේල් එය තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට සමත් විය. ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 තරග 444කදී ගේල් විසින් මේ වන විට හයේ පහරවල් 488ක් එල්ල කිරීමට සමත්ව තිබෙනවා.

ලකුණු 361ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 48.4ක් තුලදී ලකුණු 364ක් ලබා ගනිමින් සිය එක්දින තරග ඉතිහාසයේ සාර්ථකම ලකුණු හඹා යාම සම්පුර්ණ කර ගත්තේ තවත් පන්දු 08ක් ද ඉතිරිව තිබියදීයි.

එක්දින තරග ඉතිහාසයේ සිදුකල තෙවන සාර්ථක ලකුණු හඹායාම ලෙස මෙය සනිටුහන් වනවා.

එහිදි ආරම්භක පිතිකරු ජේසන් රෝයී පන්දු 85කදි ලකුණු 123 ක් රැස් කර ගත් අතර එයට හතරේ පහරවල් 15ක් සහ 6 පහරවල් 3ක් ඇතුලත් විය. ජෝ රූට් ද පන්දු 97කදි ලකුණු 102ක් ලබා ගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයට සිය දායකත්වය ලබා දුන්නා.