Friday, April 26, 2024

General line - 0115112241

'රටට නියම ආකාරයෙන් ලැබිය යුතු බදු ආදායම ලැබෙනවා දැයි ගැටළු සහගතයි'



රටට නියම ආකාරයෙන් ලැබිය යුතු බදු ආදායම ලැබෙනවා දැයි ගැටළු සහගත බව පොදු සැපයුම් සහ ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (20) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

සාමාන්‍ය ජනතාව බදු ගෙවීම සිදු කළ ද ඇතැම් ධනපතීන් නිසි පරිදි බදු ගෙවීම සිදු නොකරන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී සඳහන් කළා. 

කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.