Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට අද ක්‍රිකට් පොතේ පළමු ආසියාතික රට බවට පත්වීමට ඉඩක්

තරංග රුක්ෂාන් ජයසේකර




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට අද (21) නව ක‍්‍රිකට් වාර්තාවක් බිහි කිරීමට අවස්ථාවක් උදා වී තිබෙනවා.

ඒ, දකුණු අප‍්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු ආසියාතික රට බවට පත්වෙමින්.

ශ‍්‍ර‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකා පළමු ටෙස්ට් තරගයෙන් ශ‍්‍රී ලංකාව ඉකුත්දා තියුණු ජයක් වාර්තා කළා. දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ අනුව මෙම තරගය ශ‍්‍රී ලංකාව ජයගතහොත් හෝ ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් ශ‍්‍රී ලංකාවට මෙම වාර්තාව බිහි කළ හැකියි. 

තරගය පස්වරු 01.30ට පෝර්ට් එලිසබෙත් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.